31.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙසැම්බර් 23, 24 නොමිලේ සත්තුවත්ත බලන්න පුළුවන්

දෙසැම්බර් 23, 24 නොමිලේ සත්තුවත්ත බලන්න පුළුවන්

දෙසැම්බර් 23 සහ 24 යන දෙදින පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

23 වන දින පාසල් දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීට අවස්ථාව ලබා දී ඇති අතර එදිනට ‘පාසල් දරුවෝ පරිසර නියමුවෝ’ යන තේමාව යටතේ එම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ද සංවිධානය කර තිබේ.

ලබන 24 වැනිදා වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.