30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමාජ මාධ්‍ය ඔස්සේ එන ලින්ක් ක්ලික් කරන්න එපා

සමාජ මාධ්‍ය ඔස්සේ එන ලින්ක් ක්ලික් කරන්න එපා

ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් විවිධ වෙබ් ලිපින යොදාගෙන ‘නොමිලේ ත්‍යාග ලබාදෙන බව පවසමින්’ සමාජ මධ්‍ය ඔස්සේ පණිවුඩ හුවමාරු වීමේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි 100කට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි. මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනෑම අවස්ථාවක ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයින්ට ලබා ගැනීමේ අවස්ථාව පවතින බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවනවා.

එමෙන්ම මෙමඟින් සයිබර් ප්‍රහාරකයින්ට ඔබගේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක් ද සිදුකළ හැකි බවයි අදාළ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව එලෙස පැමිණෙන පණිවුඩ සහ ලින්ක් ක්ලික් කිරීමෙන් වැළකී සිටින ලෙස මහජනතාවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම් දෙනවා.