― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඑප්පාවලදී බෝක්කුවකට වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

එප්පාවලදී බෝක්කුවකට වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

එප්පාවල ඇඳගල ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් පවතින බෝක්කුවක් තුළට වැටීමෙන් යතුරුපැදිකරුවෙකු ඊයේ (19) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෙරියකුලම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අවිවාහක තරුණයෙක්. ඔහු පෞද්ගලික රථ වාහන පරීක්ෂණ ආයතනයක එප්පාවල නගර ශාඛාවේ සේවය කර ඇති අතර සේවය නිමවී නිවස බලා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සවස 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඒ වන විට තරමක වර්ෂාපතනයක් ද තිබී ඇති බවයි වාර්තා වන්නේ. බෝක්කුවේ එක් කොටසක් ඉදි කරමින් පවතින බැවින් මාර්ගයේ විවෘත කර තිබී ඇත්තේ එක් මං තීරුවක් පමණයි.

යතුරුපැදිය, ඉදිකරමින් තිබූ බෝක්කුව දෙසින්ම ධාවනය වී පසුව බාධකයකයන් හරහා ද ගමන් කර යකඩ බටයක ගැටී යතුරුපැදිය එම ස්ථානය පෙරලී ඇති අතර යතුරුපැදිකරු බෝක්කුව තුළට වැටී තිබෙනවා.

අදාළ බෝක්කුව අසළ මාර්ග සංඥා මගින් බෝක්කුව ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කර ඇතත්, දැඩි අඳුරු ස්වභාවයක් ගන්නා මෙම ස්ථානයේ විදුලි ආලෝක මගින් පාලමේ ඉදිකිරීම් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කොන්ත්‍රාත් සමාගම කටයුතු කර නොමැති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අනතුර සිදුවන ආකාරය කිසිවකු දැක නොමැති අතර යතුරුපැදිය බෝක්කුව අසල වැටී තිබෙන අයුරු දුටු අසල්වාසීන් තරුණයා ගොඩට ගෙන එප්පාවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

තලාව එප්පාවල ඉපලෝගම මාර්ගය වසරකට ආසන්න කාලයක සිට අලුත් අලුත්වැඩියා කරමින් පවතින අතර ස්ථාන රැසක පාලම් බෝක්කු ඉදිකිරීමෙන් පවතින බව සඳහන්. එප්පාවල ඇදගල මංසන්ධියේ ආසන්නයේ පිහිටි පාලම් බෝක්කු ද මාස ගණනාවක් ම ඉදි කරමින් පවතින බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.

මෙම බෝක්කුව තුළට මීට පෙරද පුද්ගලයින් දෙදෙනෙකු වැටී අනතුරක් සිදු වූ අතර ඔවුන්ගේ ජීවිත ද අනූනවයෙන් බේරුණු බව ජනතාව සඳහන් කළා. මෙම අනතුර සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.