― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැය 10ක විදුලි කප්පාදුවක් ගැන රතු එළියක්

පැය 10ක විදුලි කප්පාදුවක් ගැන රතු එළියක්

නියමිත පරිදි ගල් අඟුරු තොග නොලැබුණහොත් දෙසැම්බර් 31 වනදා වනවිට නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු සම්පූර්ණයෙන්නම අක්‍රීය වන බව විදුලි ඉංජිනේරුවන් පවසනවා.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු මුළුමනින්ම නැවතුණහොත් විදුලි කප්පාදු කාලසීමාව වැඩිවනු ඇති බවයි.

ඒ අනුව මේ වනවිට සිදුකරන පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදු කාලසීමාව පැය 10ක් දක්වා ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.