― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldබ්‍රිතාන්‍ය ගුවන් සේවය සමාව අයැදියි

බ්‍රිතාන්‍ය ගුවන් සේවය සමාව අයැදියි

ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත් වීමට නියමිතව තිබූ ගුවන් ගමන් පැය කිහිපයක් ප්‍රමාද වීම පිළිබඳ බ්‍රිතාන්‍ය ගුවන් සමාගම මගීන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

එහි තෙවන පාර්ශවයක් වන පියාසැරි සැලසුම් සැපයුම්කරු සමඟ සිදුව ඇති තාක්ෂණික ගැටලුවක් පිළිබඳව කඩිනමින් විමර්ශනය කරන බවයි ගුවන් සමාගම පවසන්නේ. මෙම ප්‍රමාදය හේතුවෙන් මගීන් ගුවන් තොටුපලවල පැය ගණන් රැඳී සිටින බවට වාර්තා කර තිබෙනවා.

හැකි ඉක්මනින් ගුවන් යානා පිටත් කර හැරීම තම අරමුණ බව පවසන ගුවන් සමාගම, ප්‍රකාශ කළේ තම ගනුදෙනුකරුවන්ගේ සැලසුම්වලට යම් බාධාවක් සිදු වුවහොත් ඒ පිළිබඳ කණගාටු වන බවයි.

ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැය තුනකට වැඩි කාලයක් රැඳී සිටීම ගැන මගීන් කනස්සල්ල පළ කරමින් ට්විටර් සටහන් තබා තිබෙනවා. ඇතැම් මගින් සඳහන් කර ඇත්තේ ඔවුන් නැවත ගුවන් තොටුපළ මගී පර්යන්තයට රැගෙන යාමට පෙර පැය ගණනාවක් ධාවන පථවල නවතා තිබූ ගුවන් යානා තුල අසුන්ගෙන සිටින බවයි.

නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිටිෂ් එයාර්වේස් මෙලෙස ප්‍රකාශ කර තිබෙනවා. “අපගේ තෙවන පාර්ශවීය පියාසැරි සැලසුම් සැපයුම්කරුගේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත් වීමට නියමිත අපගේ ගුවන් ගමන් දැනට ප්‍රමාද වී ඇති අතර, අපි එය කඩිනමින් විමර්ශනය කරමින් සිටිමු. අපගේ ගනුදෙනුකරුවන්ගේ සැලසුම්වලට මෙමගින් කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ අපට කණගාටුයි, අපගේ අරමුණ මෙම ගුවන් ගමන් හැකි ඉක්මනින් පිටත්වීමයි.”