27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ 2023 අයවැය වැඩි ඡන්ද 88 කින් සම්මත වී තිබෙනවා.

ඊයේ දින අයවැය ඡන්ද විමසීම පැවැත්වුණු අතර අයවැයට පක්ෂව ඡන්ද 94ක් සහ විපක්ෂව ඡන්ද 06 ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඡන්ද විමසීම සඳහා සභාවට නොපැමිණි සභික සංඛ්‍යාව 19ක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් පක්ෂ රැසක මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් විපක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ 2023 අයවැය මගින් නගරාධිපති රෝසි සේනානායක කොළඹ නාගරික බල ප්‍රදේශයේ කාන්තාවන් විශාල වශයෙන් ගොදුරු වන පිළිකා (ගැබ්ගෙල පිළිකා, පියුරු පිළිකා) රෝග හඳුනා ගැනීම් පරීක්ෂණ පැවැත්වීම සඳහා රුපියල් මිලියන 1.5ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.

විශේෂයෙන්ම නගරාධිපතිනි රෝසි සේනානායක ගේ මැදිහත්වීම මත කොළඹ නගර සභා ඉතිහාසයේ අයවැය වාර්තාවක පළමු වතාවටයි මෙලෙස පිළිකා පරීක්ෂණ සඳහා මුදල් වෙන් කිරීම සිදුකරනු ලබන්නේ.