24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිස දුමක් නිසා පුස්සැල්ලාව පාසලක 08ක් රෝහලට

විස දුමක් නිසා පුස්සැල්ලාව පාසලක 08ක් රෝහලට

පුස්සැල්ලාව සරස්වතී දෙමළ මහ විදුහලේ පාසල් සිසුන් 05ක් හා ගුරුවරුන් තිදෙනෙක් ප්‍රතිකාර සඳහා පුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

විද්‍යාගාරයේ රාසායනික ද්‍රව්‍යයක් අඩංගු බෝතලයක් කැඩී එහි දුමාරය ආග්‍රහණය වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට ලක් වීමෙනුයි මොවුන් රෝහල්ගත කර ඇත්තේ.

උසස්පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් හා ගුරුවරුන් පිරිසක් එම විදුහලේ විද්‍යාගාරයේ පරීක්ෂණයක නිරතව සිටියදී එහි තිබූ රසායනික ද්‍රව්‍යයක් අඩංගු බෝතලයක් බිම වැටී පුපුරායාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.