28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාත්‍යන්තර සරසවි 05ක් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර සරසවි 05ක් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල 05ක දකුණු ආසියා මණ්ඩප ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සාකච්ඡා කරමින් සිටින බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල දෙකක්, එංගලන්තයේ විශ්වවිද්‍යාල දෙකක් සහ ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක් ඒ අතර වන බවයි.

වසරකට මෙරට සිසුන් 11,000 කට අධික පිරිසක් විදෙස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිටත්ව යන බව පැවසූ අමාත්‍යවරයා එමඟින් ඩොලර් බිලියන 3කට අධික මුදලක් ශ්‍රී ලංකාවට අහිමි වන බවත් පැවසීය.

ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමෙන් ඩොලර් බිලියන 15ක් පමණ අපේක්ෂා කළ හැකි බවත් එම මුදලින් මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තරකරණය කර දකුණු ඉන්දියාව ඇතුළු විදෙස් සිසුන් ආකර්ශණය කර ගත හැකි බවද ආචාර්ය සුරේන් රාඝවන් පෙන්වා දුන්නේය.