27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැසිකිලියේ ගංජා ගැසූ කොස්තාපල්ගේ වැඩ තහනම්

වැසිකිලියේ ගංජා ගැසූ කොස්තාපල්ගේ වැඩ තහනම්

පොලිසියේ වැසිකිළියක් තුළ ගංජා පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසන්නේ ඊයේ (20) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කළ බවයි.

මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කළ කොස්තාපල්වරයෙකු වන අතර පෙරේදා (19) රාත්‍රියේ ශ්‍රවණාගාරයේ වැසිකිළියක් තුළ ගංජා පානය කරමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් අනතුරුව පොලීසිය විසින් මෙම කොස්තාපල්වරයාගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී රෝස පාට කුඩා ග්‍රොසරි බෑගයක බහා තිබූ කුඩා ගංජා පාර්සලයක්ද හමු වී ඇති බවයි වාර්තා වන්නේ.