27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරේගුවෙන් රාජසන්තක කළ වාහන පොලීසියේ භාවිතයට

රේගුවෙන් රාජසන්තක කළ වාහන පොලීසියේ භාවිතයට

මත්ද්‍රව්‍ය නිවාරණය ඇතුළු පොලිසියේ වැටලීම් සඳහා භාවිත කිරීමට රේගුව මගින් රාජසන්තක කරන ලද වාහන ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබෙනවා.

දැනට හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගාල් කර ඇති අදාළ රථ වාහන නිරීක්ෂණය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ එක් වූ අවස්ථාවේදීයි මේබව ප්‍රකාශ කළේ.

නීති විරෝධී ලෙස ආනයනය කිරීම හේතුවෙන් රාජසන්තක වූ ඇතැම් වාහන වසර 7ක් පමණ තිස්සේ දිරා යමින් පවතින බව ඔහු එහිදී පෙන්වා දුන්නා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත අදාළ වාහන සම්බන්ධයෙන් පවතින නීතිමය බාධාවන් ඉවත් කර ජනතා සුබසිද්ධිය උදෙසා භාවිත කිරීම මෙහි අරමුණ බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ.

අපි දන්නවා මත්ද්‍රව්‍ය ජාවාරම සීඝ්‍රයෙන් පැතිර යන බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. මේ සෑම වැටලීමක් සඳහා ම පොලිස් දෙපාර්තමේන්තුව සතුව තියෙන්නෙ වාහන 12000ක විතර ප්‍රමාණයක්. ඉන් අඩක් පමණ වසර 20කට වඩා පැරණියි. දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 600ක් සහ අලුතින් ආරම්භ වන තවත් පොලිස් ස්ථාන 111ක් සඳහා මේ වාහන ප්‍රමාණවත් නෑ. ඒ අනුව පොලිසිය කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම රථ වාහන ලබාදීම සිදු කෙරෙනවා.