― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවාරියපොල අමානුෂික ඝාතනයක්

වාරියපොල අමානුෂික ඝාතනයක්

වාරියපොල පොලිස් වසමේ දඹෑලියද්ද, බමුණාකොටුව නිවසක පුරුෂයා විසින් බිරිඳට පහරදී ඝාතනය කර ඇති බව වාරියපොල පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 55 ක් වූ දඹෑලියද්ද, බමුණාකොටුව ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් නාරස්සනයකින් කාන්තාවගේ හිසට පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අද (21) දිනයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.