26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඒකල සහල් ගබඩාවක් මුද්‍රා තබයි

ඒකල සහල් ගබඩාවක් මුද්‍රා තබයි

ඒකල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සහල් ගඩබාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.

එහිදී සත්ව ආහාර සඳහා යොදාගත් සහල් මෙට්‍රික් ටොන් 21ක් සොයාගැනීමට හැකි වූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

දේශීය හෝ ආනයනය කරන ලද සහල් සත්ව ආහාර සඳහා යොදාගැනීම තහනම් කරමින් මෙම වසරේදී රජය විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කළ අතර ගබඩාව භාර නිලධාරීන් එම නියෝගය කඩ කරමින් මෙම සහල් සත්ව ආහාර සදහා යොදාගැනීමට කටයුතු කිරීම හේතුවෙනුයි මෙම ගබඩාවට මුද්‍රා තබා ඇත්තේ.

1977 දුරකථන අංකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම සිදු කර තිබේ.