26.7 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනයෙන් තවත් කොරෝනා උප ප්‍රභේදයක්

චීනයෙන් තවත් කොරෝනා උප ප්‍රභේදයක්

මේ දිනවල චීනය පුරා ශීඝ්‍රයෙන් පැතිර යන බී එෆ්. සෙවන් නැමැති ඔමික්‍රොන් උප ප්‍රභේදය වැළඳුණු පුද්ගලයන් 02ක් ඉන්දියාවේ ගුජරාට් සහ ඔඩීෂා ප්‍රාන්තවලින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනය තුළ වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීමත් සමඟ එරට රෝහල්වල රෝගී ධාරිතාවය වැඩිවීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුව පළ කර ඇති අතර බීජිං ඇතුළු නගර කිහිපයක රෝහල් මෙලෙස රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගියදා කොරෝනා හේතුවෙන් චීනයේ පුද්ගලයින් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

මෙම ඔමික්‍රොන් උප ප්‍රභේදය ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඇමරිකාව, සහ බි්‍රතාන්‍යයෙන්ද වාර්තා වී තිබේ.