30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකුණූ 47ක් අත්අඩංගුවට

දරුවන් ඉලක්ක කර මත්ද්‍රව්‍ය විකුණූ 47ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ පාසල් 149ක් ආවරණය වන පරිදි ඊයේ (22) විශේෂ මෙහෙයුමකදී ගංජා ළඟ තබාගැනීමේ වරදට අවුරුදු 17ක පිරිමි දරුවෙක් මිරිහාන පොලිස් වසමේ ප්‍රසිද්ධ පාසලක් අසළදී අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී මත්ද්‍රව්‍ය සහ මත්පෙති අලෙවි කළ පුද්ගලයින් 47 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

එහිදී හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 630 ක්, අයිස් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 38 ක්, ගංජා ග්‍රෑම් 207 යි මිලිග්‍රෑම් 590 ක් සහ මාවා නැමති මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 260 ක් සොයාගෙන ඇත.