― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsදිනේෂ් ශාෆ්ටර් සිය දිවි නසාගත්තා දැයි සැකයක්?

දිනේෂ් ශාෆ්ටර් සිය දිවි නසාගත්තා දැයි සැකයක්?

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණය සියදිවි නසාගැනීමක් දැයි යන්න පිළිබඳ මේ වන විට විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ.

ඒ අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් පෙරේදා (24) ජනශක්ති සමූහ ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ කොළඹ හත මල්පාරේ පිහිටි නිවස පරීක්ෂාවට ලක්කර තිබේ.

එමෙන්ම දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිඳ වන ටානි ෂාෆ්ටර්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් තුන්වන වරටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

තවද දිනේෂ් ශාෆ්ටර් සිය නැන්දම්මාට (බිරිඳගේ මවට) ලියන ලද ලිපියක් කෙරෙහිද විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමුවී ඇති අතර එම ලිපියෙන් “මේ වගේ හොඳ දුවක් හදලා මට ලබාදුන් අම්මාට බොහොම ස්තුතියි” ආදී වශයෙන් හැඟීම්බරව ලියන ලද එම ලිපිය සහ ඇයට යවන ලද එම අදහස්ද සහිත කෙටි පණිවිඩයක් සම්බන්ධයෙන්ද විමර්ශකයන්ගේ අවධානයද යොමු වී ඇත.

සමාගම් කීපයක හිමිකරුවකු වන දිනේෂ් ෂාෆ්ටර් සිය ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළ ද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔවුගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

දිනේෂ් ෂාෆ්ටර්ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට පවුලේ සමීපතමයන් ඇතුළු පුද්ගලයන් 70 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර සීසීටීවී දර්ශන 70ක් පමණ පරීක්ෂාවට ලක් කර ඇති බවත් පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.