29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalරටපුරා ඇති බාර් 4910න් 2000ක්ම දේශපාලකයින් අතේ?

රටපුරා ඇති බාර් 4910න් 2000ක්ම දේශපාලකයින් අතේ?

මෙරට නීත්‍යානුකූලව බලපත්‍රලාභී සුරාසල් 4910ක් ඇති බවත් ඉන් 2000කට වැඩි ප්‍රමාණයක අයිතිය ඇත්තේ දැනට දේශපාලනයේ නිරතවෙන දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පවුල්වල උදවියට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ පවුල් කේන්ද්‍රීය මැතිවරණ ක්‍රමය අවසන් කිරීම සඳහා ඉදිරි පළාත් පාලන මැතිවරණය උපයෝගී කරගන්නැයි තමා ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි.

මත් උවදුරෙන් රට මුදා ගැනීම අසීරු කාරණයක් වී ඇත්තේ රට සුරා සැල්වලින් වැඩි ප්‍රමාණයක් දේශපාලකයන් සහ ඔවුන්ගේ පවුල්වල අයට අයත් නිසා බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

වත්මන් පාර්ලිමේන්තුවේ එක්තරා මන්ත්‍රීවරයකුට සුරාසැල් 128 හිමිකාරත්වයක් ඇති බවද ඩලස් අලහප්පෙරුම එහිදී අනාවරණය කළේය.