26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජපුර සරසවිය අසළ මදන මෝදක ගුලි අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

ජපුර සරසවිය අසළ මදන මෝදක ගුලි අලෙවි කළ අයෙක් අත්අඩංගුවට

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරික පාඨමාලා ඒකකය ආසන්නයේ වෙළඳසලක් තුළ සඟවා තිබූ මදන මෝදක ගුලි තොගයක් සමග වෙළඳසැලේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමඟ මෝදක ගුලි හාරසිය අසූවක් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මෙම වෙළඳසැලින් මදන මෝදක ගුලි අලෙවි කරන බවට මිරිහාන මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙනවා.

සැකකාර වෙළඳසැල් හිමියා එක් මදන මෝදක ගුලියක් රුපියල් 200 කින් අලෙවි කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.