― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldටුනීෂා ශර්මාගේ මරණය ගැන ජනප්‍රිය නළුවා පොලීසියේදී කළ පාපොච්ඡාරණය

ටුනීෂා ශර්මාගේ මරණය ගැන ජනප්‍රිය නළුවා පොලීසියේදී කළ පාපොච්ඡාරණය

ජනප්‍රිය ඉන්දීය නිළියක වූ ටුනීෂා ෂර්මා සියදිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු රංගන ශිල්පී ෂීසාන් මොහොමඩ් ඛාන් ප්‍රශ්න කිරීම් සඳහා හෙට (28) දිනය දක්වා පොලිස් භාරයේ තබා ගැනීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර 20 හැවිරිදි ටුනීෂා ෂර්මා සියදිවි හානිකරගත් බව කියන වේශ නිරූපණ කාමරය සහ රූගත කිරීම් සිදුකළ දර්ශන තලය විශේෂ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ දිනයේදී පරීක්ෂාවට ලක්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ජනප්‍රිය ඉන්දීය කතා මාලාවකට සම්බන්ධව සිටි ටුනීෂා ෂර්මා එම දර්ශනය තලයේ පැවති වේශ නිරූපණ කාමරයක් තුළ සියදිවි හානිකරගෙන සිටියදී පසුගියදා සොයා ගැනුණා.

ටුනීෂාගේ මෙම දිවි නසාගැනීම සම්බන්ධයෙන් ඇයගේ මවවන වනිතා ෂර්මාගේ පැමිණිල්ලකට අනුව ජනප්‍රිය රංගන ශිල්පී ෂීසාන් මොහොමඩ් ඛාන් අත්අඩංගුවට ගනු ලැබුවා. ෂීසාන් ඛාන් සහ ටූනීෂා ෂර්මා අතර පැවති ප්‍රේම සම්බන්ධය නැවැත්වීමට ෂීසාන් ඛාන් කටයුතු කිරීමත් සමඟ ඇය කනස්සල්ලෙන් පසු වූ බවයි වාර්තා වන්නේ.

ෂීසාන්, ටුනීෂාව රැවැට්ටුවා. ඔහු මුලින්ම ඇය සමඟ සම්බන්ධයක් ආරම්භ කර, ඇයගේ විවාහයට පොරොන්දු වී පසුව ඇයගෙන් වෙන් වුණා. ඔහු ටුනීෂා සමඟ සම්බන්ධකම් පවත්වමින් සිටියදී වෙනත් ගැහැණු ළමයෙකු සමඟ සම්බන්ධකමක් පවත්වලා තියනවා.” යනුවෙන් සිය දියණියගේ දිවිනසා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටුනීෂාගේ මව පවසා තිබෙනවා.

මේ අතර ෂීසාන් පොලිසියට පවසා ඇත්තේ තමන් ටූනීෂා සමඟ වෙන්වුවද, තමන් ඇය ගැන සැළකිලිමත් වූ බවත්, උපකාරයක් උවමනා ඕනෑම අවස්ථාවක පවසන ලෙසට ඇයගෙන් ඉල්ලා සිටි බවත්ය.

එමෙන්ම ටුනීෂාව බලාගන්න ලෙස ඇයගේ මවට පැවසු බවත් ඔහු පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කර තිබෙනවා.

මේ අතර ටුනීෂා ෂර්මා සියදිවි හානිකර ගන්නා අවස්ථාවේ දර්ශන තලයේ සිටි පුද්ගලයින් හත් දෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.