31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැතිවරණයේ මුද්‍රණ වියදම තීරණය වෙන්නේ බැලට් පේපරයේ ප්‍රමාණයෙන්

මැතිවරණයේ මුද්‍රණ වියදම තීරණය වෙන්නේ බැලට් පේපරයේ ප්‍රමාණයෙන්

පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ වියදම් තීරණය කෙරෙන්නේ ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව බව මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ගතවන කාලය සහ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පවතින කාලය මැතිවරණ දිනයට සාපේක්ෂව ඉතා අඩු කාලයක් වුවහොත් ඒ සඳහා යන වියදම් වැඩිවන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

පළාත් පාලන මැතිවරණයේ මූලික කටයුතු මේ වන විට රජයේ මුද්‍රණාලය විසින් ආරම්භ කර ඇති අතර ජනාධිපතිවරණයක සහ ජනමත විචාරණයකදී පමණක් එකම ප්‍රමාණයකට ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කරනු ලබයි.

අනෙක් සෑම අවස්ථාවකදීම ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අඩු වැඩි වෙයි.