30 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසුෂාන්ත් සිංගේ මරණය සියදිවි නසා ගැනීමක් නෙවෙයිලු

සුෂාන්ත් සිංගේ මරණය සියදිවි නසා ගැනීමක් නෙවෙයිලු

සුෂාන්ත් සිංගේ මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය මිනීමරුමක් වන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සුෂාන්ත් ගේ මරණ පරීක්ෂණය සිදුකිරීමට සම්බන්ධ වූ රූප්කුමාර් ෂා නැමැති නිලධාරියා පවසා ඇත්තේ සුෂාන්ත් සිං රාජ්පුත්ගේ සිරුරේ සැක කටයුතු සලකුණු කිහිපයක් තිබූ බවත් එවායින් 2ක් හෝ 3ක් ගෙලෙහි තිබූ බවත්ය.

සුෂාන්ත් ගේ සිරුර දුටු විගසම එය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය මිනීමරුමක් වන බවත් තමන්ට වැටහුණ අතර ඒ සම්බන්ධයෙන් තමන්ගේ ඉහළ නිලධාරින් දැනුම්වත් කළ බවත් ඔහු පවසා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු වූ 34 හැවිරිදි වියේ පසු වූ සුෂාන්ත් සිං රාජ්පුත් 2020 වසරේ ජූනි මස 14 වැනිදා මුම්බායි හි ඔහුගේ නිවසේ කාමරයක මියගොස් සිටියදී සොයා ගත්තේය.