― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආපනශාලා 50%ක් වැසීයාමේ අවදානමක

ආපනශාලා 50%ක් වැසීයාමේ අවදානමක

රජයේ සහ පෞද්ගලික ආයතනවල ආපනශාලා 50% වැසී යාමේ අවදානමක් අවදානමක් පවතින බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ මුදල් නොමැතිකම සහ ආහාර මිල ඉහළ යෑම නිසා බොහෝ සේවකයන් නිවසින් පොලුයි බතුයි හෝ රැගෙන ඒමට පුරුදු වී සිටින බවයි.

සේවකයන් බහුතරයක් මුදල් නොමැතිකම නිසා ආපනශාලාවලින් ආහාර ගැනීම සියයට 75කින් පමණ අඩුවී ඇති බවත් මේ හේතුවෙන් ආයතනවල ආපනශාලා ආදායම විශාල ලෙස අඩුවී ඇති බවත් සභාපතිවරයා අවධාරණය කළේය.