― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබට හොරකමකට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

බට හොරකමකට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ සහ ඔහුගේ සොහොයුරා ලබන ජනවාරි 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ජල නල එලීමේ ව්‍යාපෘතියකට අදාළ ජී.අයි බට සොරකමක් සම්බන්ධයෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අඩි 09ක දිගින් යුත් බට 11ක් කැබලි 22 ක් ලෙස වෙන්කර ඊයේ (28) රාත්‍රියේ ප්‍රවාහනය කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම බට තොගය බෙලිඅත්ත පොලිසිය භාරයට ගෙන තිබේ.

ඊට අදාළ විමර්ශන සිදුකිරීමෙන් පසු ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ ඔහුගේ සහෝදරයා අද (29) ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලිසියට කැඳවූ අවස්ථාවේදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.