27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකැසිනෝ ශාලාවක ගින්නකින් 10ක් ජීවිතක්ෂයට

කැසිනෝ ශාලාවක ගින්නකින් 10ක් ජීවිතක්ෂයට

කාම්බෝජයේ තායිලන්ත දේශසීමාව ආසන්නයේ පිහිටි හෝටලයක කැසිනෝ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 11.30ට පමණ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න ඇති වන විට ගොඩනැගිල්ලේ පුද්ගලයින් 400ක් පමණ සිට ඇති බව තායිලන්ත පොලිසිය පවසනවා. ඇතැම් පුද්ගලයන් ඉහළ මහලෙන් පනින හෝ වැටෙන ආකාරය සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවල දැක්වෙනවා.

තුවාල ලැබූවන්ගෙන් පිරිසක් තායිලන්තයේ ප්‍රධාන රෝහල් වෙත මාරු කර යවා තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඵොඉපෙට් යනු තායිලන්තය සහ කාම්බෝජය අතර පිහිටි ප්‍රධාන හරස් මාර්ගයක්. තායිලන්තයේ සූදුව බොහෝදුරට නීතිවිරෝධී බැවින් බොහෝ තායි ජාතිකයන් කැසිනෝ සඳහා එහි පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.