30 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද හා හෙට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

අද හා හෙට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද (30) ආරම්භ වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම ඩෙංගු මර්ධන වැඩසටහන හෙට (31) දිනයේද ක්‍රියාත්මක බවයි.

පසුගිය සති හතරක කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බැවින් මෙම ඩෙංගු මර්දන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ වසරේ මේ දක්වා දිවයින පුරා ඩෙංගු රෝගීන් 75,434 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එය ගිය වසරට සාපේක්ෂව දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක්.

ඒ අනුව මෙම දින දෙක තුළ නිවෙස්වල සහ අවට මෙන්ම තමන් රාජකාරී කරන ස්ථානය සහ ප්‍රදේශයේ පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.