32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දීය අගමැති මෝදිගේ මව අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය අගමැති මෝදිගේ මව අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් අද (30) අභාවප්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඇය ප්‍රතිකාර ලබමින් සිටි අහ්මදබාද් රෝහල නිවේදනය කළේ ඇය අද (30) අලුයම 3.30ට පමණ අභාවප්‍රාප්ත වූ බවයි.

99 හැවිරිදි වියේ පසු වූ හීරාබෙන්, වයසත් සමඟ ඇතිවුණු රෝගාබාධ හේතුවෙන් පසුගිය දා රෝහල්ගත කෙරුණා.

මේ අතර සිය මවගේ වියෝව සැලවූ වහාම අග්‍රාමාත්‍ය මෝදි කඩිනමින් නවදිල්ලි නුවර සිට අහ්මදාබාද් බලා පිටත්ව ගිය බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබුණේ.

මෑණියන්ගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සිය ටිව්ටර් ගිණුම ඔස්සේ ශෝකය පළ කර තිබෙන අයුරු දැකගත හැකි වුණා.