― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලකුණු 24ක් ගත්තොත් රියදුරු බලපත්‍රය අවලංගුයි

ලකුණු 24ක් ගත්තොත් රියදුරු බලපත්‍රය අවලංගුයි

2023 වසරේ සිට රියදුරු කුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා.

මේ වනවිට මෙම නව ක්‍රමවේදය ඇතුළත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම වෙනුවෙන් සියලු කටයුතු සැලසුම් කර ඇති අතර ජනවාරි මාසයේ දෙවන සතිය වන විට එය ඉදිරිපත් කිරීමට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත් මාර්තු මාසයට පෙර මෙම ලකුණු ක්‍රමය ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ. රියදුරු බලපත්‍රයක් වෙනුවෙන් සම්පූර්ණ ලකුණු 24ක් හිමිවන අතර අදාළ ලකුණු ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

රියදුරෙක් කිසියම් වරදක් සිදු කිරීමේදී ඒ වෙනුවෙන් කැපෙන ලකුණු ප්‍රමාණයක් පවතින අතර ලකුණු 24 අවසන් වූ විට රියදුරු බලපත්‍රය අවලංගු වන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

නැවත රියදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා යළිත් මුල සිට ඉල්ලුම් කිරීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කළා. වසරකට දිවයින පුරා විශාල අනතුරු සංඛ්‍යාවක් සිදුවන අතර මාර්ග අනතුරු හේතුවෙන් වසරකට ජීවිත තුන්දහසක් පමණ අහිමි වන බවයි කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

මෙම අනතුරු අවම කර ගැනීමේ අරමුණින් රියදුරු බලපත්‍ර ලකුණු ක්‍රමය හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.