― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldසමාජ මාධ්‍යයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ ඇන්ඩෲ ටේට් අත්අඩංගුවට

සමාජ මාධ්‍යයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ ඇන්ඩෲ ටේට් අත්අඩංගුවට

අන්තර්ජාලය තුළ මතභේදාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ‘ටොප් ජී’ හෙවත් ඇන්ඩෲ ටේට් රුමේනියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනිස් ජාවාරම, ස්ත්‍රී දූෂණ සහ සංවිධානාත්මක අපරාධ කිරීමේ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුමේනියානු අගනුවර වන බුකාරෙස්ට්හි ඔහුගේ සොහොයුරා වන ට්‍රිස්ටන් සමඟ නිවසක රැඳී සිටියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඔහුගෙන් රුමේනියානු අපරාධ විමර්ශන අංශය විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ඇන්ඩෲ ටේට් සහ ලොව ප්‍රකට දේශගුණික විපර්යාස පිළිබඳ හඬ නඟන ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තන්බර්ග් අතර සිදුවූ ට්විටර් වචන හුවමාරුවේදී පළ කළ ඡායාරූපයක තිබූ පිට්සා අසුරනයකින් ඔහු සිටි තැන සොයාගැනීමට සමත් වූ බව රුමේනියා පොලීසය පැවසුවේ.

මේ අතර ඇන්ඩෲ ටේට්ගේ ඇතැම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් මෙරට සමාජ මාධ්‍ය තුළද පසුගිය දින කිහිපයේ දැඩිලෙස කතා බහට මතු වුණා.