26 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුවේණියගේ කාලයේ සිටම ශ්‍රී ලංකාව ශාපලත් ජාතියක් - සන්ධ්‍යා එක්නැළිගොඩ

කුවේණියගේ කාලයේ සිටම ශ්‍රී ලංකාව ශාපලත් ජාතියක් – සන්ධ්‍යා එක්නැළිගොඩ

කුවේණියගේ කාලයේ සිටම ශ්‍රී ලංකාව ශාපලත් ජාතියක් බව සන්ධ්‍යා එග්නැලිකොඩ ප්‍රකාශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පවසමින් සන්ධ්‍යා එක්නැළිගොඩ මෙසේද පැවසුවාය.

ශ්‍රී ලංකාව ශාප ලත් ජාතියක්. කුවේණියගේ කාලෙ ඉඳන් ගෑනු මේ රටට ශාප කළා. දේශපාලන බලයට ආපු හැමෝම මේ රටේ ගෑනුන්ගේ සතුට උදුරගත්තා. තමන්ට යුක්තිය ඉටු වී නැති බව දැන දැනම කාන්තාවන් මේ රටට ශාප කළා. මේ සාපවලින් මේ රට නිදහස් වෙන්නේ නැහැ. මේ රට ශාපයෙන් නිදහස් වීමට නම් කාන්තාවන්ට සාධාරණය ඉටු විය යුතුයි.

අතුරුදන්වූවන්ගේ පවුල්වලට සාධාරණය ඉටුකිරීම වත්මන් රජයද තම යුතුකම ලෙස සලකන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කිසිම රජයක් එය තම යුතුකමක් ලෙස සලකන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝකයේ රටවල් රැවටිය හැකි යැයි සිතූ ඔවුන් මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට කටයුතු කරන්නේ නැහැ.