31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවාහන ආනයනය අත්හිටුවීමෙන් දැවැන්ත පාඩුවක්

වාහන ආනයනය අත්හිටුවීමෙන් දැවැන්ත පාඩුවක්

වාහන ආනයනය අත්හිටුවීමෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට විශාල ආදායමක් අහිමි වී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.

හෙතෙම සඳහන් කරන්නේ මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට 50 ක පමණ පාඩුවක් ලබා ඇති බවයි.

එමෙන්ම මෙම වසරේ වාහන පැවරීම්වලින් රුපියල් බිලියන 7ක පමණ ආදායමක් උපයා ඇති බව පැවසූ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ ඉන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ බවයි.

මෙම වසරේ ඉතාමත් සුළු වාහන සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇති බවත් එම වාහනවලින් වැඩි ප්‍රමාණයක් රජයේ වාහන බවත් ඒ මහතා අවධාරණය කළේය.