27.8 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනවසීලන්තයට නව වසර උදාවෙයි

නවසීලන්තයට නව වසර උදාවෙයි

නවසීලන්තයට 2023 නව වසර උදාවී තිබෙනවා. ජනතාව ගිනිකෙළි දල්වමින් නව වසර පිළිගැනීමට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නවසීලන්තයට නව වසර උදාවීමට පෙර කිරිබටී දූපත් ද ඇතුලුව ඒ ආසන්නයේ පිහිටි පැසිෆික් කලාපීය දූපත්වලට ද 2023 වසර උදාවුණා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඇතැම් රටවල කොවිඩ් 19 රෝගීන් ඉහළ යාම පිළිබඳ පවතින කනස්සල්ල මධ්‍යයේ මෙවර නව වසර සැමරුමට ජනතාව එක්වන බවයි.

නවීන ග්‍රෙගෝරියානු දින දර්ශනයට අනුව වාර්ෂිකව ජනවාරි 1 වැනිදා අලුත් අවුරුදු දිනය සමරනු ලබනවා.

ලොව පුරා සිටින ජනතාව තම පවුලේ සාමාජිකයන් සහ මිතුරන් සමඟ මෙම අවස්ථාව සිහිපත් කරමින්, ඔවුන්ට ඉදිරි වසර සඳහා සුබ පැතුම් ප්‍රාර්ථනා කරනවා.

ගෙවී ගිය වසරට සමුදීම වෙනුවෙන් බොහෝ ස්ථානවල ජනතාව ඒකරාශී වී සමරුම්වලට එක්වීම ද විශේෂත්වයක්.