27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ගැන අලුත්ම අනාවරණයක්

මෙරට මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ගැන අලුත්ම අනාවරණයක්

මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපති ශාක්‍ය නානායක්කාර පැවසුවේ මෙරට පුද්ගලයින් 120,000කට ආසන්න පිරිසක් හෙරොයින් භාවිත කරන බවත් ලක්ෂ 4කට ආසන්න පිරිසක් ගංජා භාවිත කරන බවත්ය.

එමෙන්ම දුම්වැටි, මද්‍යසාර හා මත්ද්‍රව්‍යය භාවිතයට වාර්ෂිකව 40,000කට ආසන්න පිරිසක් අලුතින් එක් වන බවත් හෙතෙම අවධාරණය කළේය.