― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalනායකත්ව මණ්ඩලයකින් ඡන්දෙට එන්න පක්ෂ රැසක් හවුලක

නායකත්ව මණ්ඩලයකින් ඡන්දෙට එන්න පක්ෂ රැසක් හවුලක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ නොව නායකත්ව මණ්ඩලයක් යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට යෝජනා කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එමෙන්ම මෙම නව සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කිරීමට යෝජනා වී ඇති බවත් අලුතින් පිහිටුවන නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන කණ්ඩායම් තුන නියෝජනය වන නායකයන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර නව සන්ධානයේ විධායක සභාවේ සියයට හතළිහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, සියයට තිහක් නිදහස ජනතා සභාවටත් ඉතිරි සියයට 30 උත්තර ලංකා සභාගය ඇතුළු සෙසු කණ්ඩායම් වලටත් වෙන්කිරීමටද යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.