25 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබස් එලෙව්වා කියලා නායකයෙක් වෙන්න බැහැ

බස් එලෙව්වා කියලා නායකයෙක් වෙන්න බැහැ

බස් එලවා නායකයෙක් විය නොහැකි බවත් බස් ගිනි තබාද නායකයෙක් විය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කැළණියට පැමිණි අවස්ථාවේ මාධ්‍ය ‌යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බස් එලෙව්වා කියලා නායකයෙක් වෙන්න සුදුසුකම නෙමෙයි. එතුමා යම්කිසි තෘප්තියක් ලබනවා ඇති බස් එකක් තෑගි කරලා ඒ්ක එළවලා. බස් එලෙව්වා කියලා නායකයෝ වෙන්නත් බෑ. බස් ගිනි තිබ්බා කියලා නායකයෝ වෙන්නත් බෑ. ඒවා රටේ තියෙන දේශපාලන සංස්කෘතියට ගැලපෙන දේවල්. මගේ පුද්ගලික මතය මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි. මේකට මේ සම්ප්‍රදායික ක්‍රමයට බැහැරව දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනෑ.