ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
ලූලා ද සිල්වා බ්‍රසීලයේ ජනාධිපති තනතුර සඳහා පත් වූ තුන්වන අවස්ථාව මෙය වනවා.
වාමාංශික දේශපාලනඥයෙකු වන ලූලා ද සිල්වා 2003 සහ 2010 අතර බ්‍රසීලය පාලනය කරනු ලැබුවා. පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති ඡන්ද විමසීමේ දී ජායිර් බොල්සොනාරෝ පරාජය කරමින් ලූලා ද සිල්වා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අතර එහිදී ඔහු 50.9% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා.
මේ අතර බ්‍රසීලයේ නව ජනාධිපතිවරයාගේ දිවුරුම්දීම මග හැරීමේ අරමුණින් හිටපු ජනාධිපති බොල්සොනාරෝ පසුගිය සිකුරාදා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
දිවුරුම් දීමෙන් පසු ලූලා බ්‍රසීලයේ ජනතාව තුළ බලාපොරොත්තුවේ හැඟීමක් ඇති කිරීමට උත්සාහ කළ අතර ජාතිය නැවත ගොඩනඟා සියල්ලන්ටම එක් බ්‍රසීලයක් බවට පත් කිරීමට පොරොන්දුවන බව ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.