28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalයාපනයේදී ඇස් නළලේ පිහිටා ඉපදුනු අමුතු එළු පැටියෙක්

යාපනයේදී ඇස් නළලේ පිහිටා ඉපදුනු අමුතු එළු පැටියෙක්

යාපනය – නවගිරි ප්‍රදේශයේ පිහිටි එළු පට්ටියක සිටි ගැහැණු එළුවෙක් විසින් අසාමාන්‍ය එළුපැටවෙක් ප්‍රසූත කර ඇති බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම එළු පැටවාගේ දෙඇස් නළලේ එකම ස්ථානයක එක් ඇසක් ලෙස පිහිටා ඇති බවයි.

මෙම සත්වයා බිහිවීමෙන් පසු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නොසිටි බවයි එම එළු පට්ටියේ හිමිකරුවා පවසා ඇත්තේ.

පසුව මෙම එළු පැටවා ප්‍රදේශයේ පශු වෛද්‍යවරයාට යොමුකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙම එළුපැටවා බැලීමට ප්‍රදේශයේ ජනතාවද පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.