ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ස්ථානාධිපතිවරුන් 44 දෙනෙකු අද (03) පත් කෙරේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඩී.එස්.ගුණසිංහ පැවසුවේ අදාළ පත්වීම් ලිපි අද පෙරවරුවේ නිකුත් කරන බවයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන් 50 දෙනෙකු බඳවා ගැනීමට අවසර ලැබී ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා කොන්ත්‍රාත් පදනම මත පුද්ගලයින් පත් කිරීමට ද අවසර ලබාදී තිබෙනවා.