― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportඉන්දියාවට ලකුණු 2ක තියුණු ජයක්

ඉන්දියාවට ලකුණු 2ක තියුණු ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද (03) පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය ලකුණු 2ක තියුණු ජයක් හිමි කරගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු T20 තරඟය තරගයේ තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 163 ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි වුණා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Ishan Kishan ලකුණු 37 ක් ද Deepak Hooda වේගවත් ලකුණු 41 ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී දිල්ෂාන්,තීක්ෂණ,චාමික,දනංජය,වනිදු අතරේ කඩුළු එක බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 160 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක දසුන් ශානක ලකුණු 47 ක් හා වනිදු හසරංග වේගවත් ලකුණු 21 ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී සිවම් මාවි කඩුලු 4 බිඳ හෙලීමට සමත් වුණා.

තරඟයේ වීරයා සිවම් මාවි.

දෙරට අතර මීලඟ තරඟය එළඹෙන බ්‍රහස්පතින්දා පූනේ හිදී පැවත්වීමට නියමිතයි.