29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිශේෂ ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස 65 කිරීමට අවධානය

විශේෂ ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම වයස 65 කිරීමට අවධානය

විශේෂ ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම යෑමේ වයස 65 කිරීමට අවධානය යොමුව ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

මෙලෙස අවධානය යොමුව ඇත්තේ හෙදියන්, විශේෂඥ වෛද්‍යවරුන්, දුම්රිය රියදුරන් වැනි විශේෂ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ කාලය පිළිබඳවයි.

පසුගිය දෙසැම්බර් මස 31 වැනිදා රාජ්‍ය සේවකයින් 30,000 කට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම යෑමෙන් ඇති වූ ගැටලු සහගත තත්ත්වය සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.