27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසර 02ක් පුරා දැරියක් කෙළෙසූ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

වසර 02ක් පුරා දැරියක් කෙළෙසූ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් විසින් යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේදී දැරියක් වසර දෙකක් පුරා දූෂණය කිරීමේ පුවතක් වාර්තා වෙයි.

මෙලෙස දූෂණය කළ බව කියන කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ (03)පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ දැරිය මුලින්ම දූෂණය කළ පොලිස් කොස්තාපල්වරයා එම දර්ශන වීඩියෝ කොට පසුව ඒවා දැරියට පෙන්වමින් වසර දෙකක් පුරා අදාළ දැරිය දූෂණය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම දැරිය වෛද්‍යවරයෙකු හමුවේ පේදුරුතුඩුව පොලීසියේ රථවාහන අංශයට අනුබද්ධිතව සේවය කරන මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විස්තර ප්‍රකාශ කිරීමෙන් පසුව පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබේ.

මෙම දැරිය අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 16දී වන අතර ඇය දැනට වයස අවුරුදු 18 පසුවන යුවතියකි. ඇය හදිසියේම ක්ලාන්ත වී රෝහල්ගත කිරීමෙන් පසුව ඇය දැඩි මානසික කම්පනයකින් පසුවන බව වෛද්‍යවරයා තීරණය කර ඇත. අනතුරුව ඇයගෙන් කළ විමසීමේ දී එම දැරිය සියලු විස්තර වෛද්‍යවරයාට ප්‍රකාශ කොට තිබේ.

එසේ හෙළි වූ තොරතුරු පවුලේ ඥාතීන්ටද දැන ගැනීමට ලැබීමෙන් පසුව මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඇත.

පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී දැරිය මුල් වරට දූෂණය කළ අවස්ථාවේ ගත් වීඩියෝ පටය එක් පොලිස් නිලධාරියෙකු ළග තිබී හමු වී ඇති අතර එම පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ලබා ගත් රැදවුම් නියෝගයක් මත ඔහුව රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.