26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthබූස්ටර් එන්නතක් ලෙස සයිනොෆාම් භාවිතා කිරීමේ තීරණයක්

බූස්ටර් එන්නතක් ලෙස සයිනොෆාම් භාවිතා කිරීමේ තීරණයක්

ෆයිසර් එන්නත් අවසන් වී ඇති බැවින් සයිනොෆාම් එන්නත බූස්ටර් මාත්‍රාවක් ලෙස භාවිතා කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇත.

මේ වසරේ රට තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බැවින් තවමත් Covid 19 එන්නත බූස්ටර් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයින්ට සයිනොෆාම් එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලයි.

වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනොගේ මාධ්‍ය වෙත කියා සිටියේ ඔවුන් සතුව සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.8 ක් ඇති බවත් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 ට වැඩි මිලියන හයකට වැඩි පිරිසක් තවමත් බූස්ටර් මාත්‍රාවක් ලබාගෙන නොමැති බවත්ය.