26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරුසියාවේ සටන් විරාමය බොරු හොඳ හිත පෙන්වීමක් - ව්ලොදිමීර් සෙලෙන්ස්කී

රුසියාවේ සටන් විරාමය බොරු හොඳ හිත පෙන්වීමක් – ව්ලොදිමීර් සෙලෙන්ස්කී

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබෙනවා.

යුක්‍රේන – රුසියා යුද ගැටුම් ඇරඹුණු පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

රුසියාවේ ‘ඕතඩොක්ස්’ ආගමික නායක ප්‍රැටියාෂ් ක්රිල් කළ ඉල්ලීමට ගරු කරමින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් මෙම සටන් විරාමය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු ජනධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය සතුට පළකර ඇති අතර, ඔහු රුසියානු ජනාධිපතිට දුරකතනයේ අමතා ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමය දින දෙකකට පමණක් සීමා නොකරන ලෙසයි.

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීම බොරු හොඳහිත පෙන්වීමක් බවයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා කර ඇත්තේ.