31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති ලබන සතියේ ඉන්දියාවට

ජනපති ලබන සතියේ ඉන්දියාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සතියේ ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට සූදානම් වනවා.ඒ ඉන්දියාවේ පැවැත්වෙන ගෝලීය දකුණු සමුළුවේ හඬ” (VGSS) සඳහා සහභාගී වීමටයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් එහි මුලසුන දරනු ලබන අතර සමුළුව ජනවාරි 12 සහ 13 යන දිනවල පැවැත්වෙන බව සඳහන්.

ආසියාවේ රටවල්වලට අමතරව අප්‍රිකානු කලාපයේ රටවල් පහක (ඇන්ගෝලා, ඝානා, නයිජීරියාව, මොසැම්බික්, සෙනගල්), නියෝජිතයන් ද එක්වනවා.

තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය මෙන්ම උස්බෙකිස්තානය, මොංගෝලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පැපුවා නිව්ගිනියාව වැනි රටවල නායකයින් ද මීට එක්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

සමුලුව සැසි 10 කින් සමන්විත වන අතර, ආරම්භක සහ අවසන් සැසිය අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් සහ ඉතිරි අට අමාත්‍ය මණ්ඩල මට්ටමින් පැවැත්වෙනවා.

අමාත්‍ය මණ්ඩල සැසිවාර මුදල්, පරිසර, විදේශ, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන සහ වෙළඳ මට්ටමින් පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉන්දියාව මෙම සමුළුව සඳහා රටවල් 120 කට ආරාධනා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.