26 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදහම් පාසල් ගුරුවරුන් 3200 කට සාම විනිසුරු පදවි

දහම් පාසල් ගුරුවරුන් 3200 කට සාම විනිසුරු පදවි

දහම් පාසල් ගුරුවරුන්ට සාම විනිසුරු තනතුරු ලබාදීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දහම් පාසල් ගුරු සේවයේ වසර 10 කට අධික කාලයක් සම්පුර්ණ වුවන්ට මෙම තනතුරු ලබා දෙනු ඇති.

දහම් පාසල් ගුරුවරුන් 3200 කට එම තනතුරු පිරිනැමීමට පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය පැවසුවේ.

ලබන 13 වැනි දා ඊට අදාළ උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණ ද එය අවලංගු කර පත්වීම් ලිපිය තැපෑලෙන් ඔවුන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ය.