29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldසමාජ මාධ්‍යවලට ඇමෙරිකාවේ පාසල්වලින් නඩු

සමාජ මාධ්‍යවලට ඇමෙරිකාවේ පාසල්වලින් නඩු

පාසල් ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරන බවට චෝදනා කරමින් ඇමෙරිකාවේ සියැටල් නගරයේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 100 ක ප්‍රධානීන් මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් සමාගම් වලට විරුද්ධව සියැටල් ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් සමාගම් යනු සමාජ මාධ්‍ය ජාලාවල හිමිකාරිත්වය දරන මවු සමාගම් වේ.

ටික්ටොක් මවු සමාගම වන බයිට් ඩාන්ස් පාසල් යන වයසේ ළමුන් විශාල සංඛ්‍යාවක් ටික්ටොක් වෙත ඇදගෙන ඇති බවත් එම ළමුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහී ඇති බවත් පාසල් ගොනු කළ චෝදනාවේ සඳහන් වන්නේ.

පාසල් ළමුන් සමාජ මාධ්‍ය වලට ඇබ්බැහි වීම හේතුවෙන් කාංසාව සහ ආතතිය ඇතුළු මානසික ප්‍රශ්න වලට මුහුණ දී ඇති බවත් ඒ හේතුවෙන් පාසල් වලට ළමුන්ගේ අධ්‍යාපන ඉලක්ක සපුරාලීම කළ නොහැකි වී ඇතැයි එම පාසල් පෙන්වා දී තිබෙනවා.

මෙම පාසල් 100 ළමුන් 50,000 ක් පමණ ඉගෙනුම ලබන බවත් ඇමෙරිකාවේ අධ්‍යාපන කලාපයක් මෙවැනි ආකාරයේ නඩුවක් ගොනු කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් පැවැසෙයි.