23.9 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldආධාරකරුවන් බ්‍රසීල ජනපති මන්දිරය හා ශ්‍රේෂ්ඨාධිකරණය වටලයි

ආධාරකරුවන් බ්‍රසීල ජනපති මන්දිරය හා ශ්‍රේෂ්ඨාධිකරණය වටලයි

බ්‍රසීල හිටපු ජනාධිපති යාල් බොල්සනාරෝගේ ආධාරකරුවන් එරට ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය වටලා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රසීල ජාතික ධජය රැගත් විරෝධතාකරුවන් මෙලෙස පැමිණ ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයෙකු ද වන ලූලා ද සිල්වා යළිත් ජනපති ධුරයට පත්වීමත් සමගයි මෙම විරෝධතා ආරම්භ වී ඇත්තේ.

විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්කාරී තත්ත්වයක් ද මතුවී ඇති අතර මේවන විට 400කට වැඩි පිරිසක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මෙම විරෝධතා නව ජනපති ලූලා ද සිල්වා හෙළාදැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.