27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බස් රථ 75ක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බස් රථ 75ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාවෙන් බස් රථ 75ක් ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, රට තුළ සංචලනය සහ ප්‍රවේශවීමට සහාය වීම සඳහා මෙම බස් රථ භාරදී ඇති බවයි.

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් එම බස් රථ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත නිල වශයෙන් භාර දෙන ලදී.

පොදු ප්‍රවාහන යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ සහය ඇතිව ශ්‍රී ලංකාවට බස් රථ 500ක් ලබා දෙන බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.