― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldජංගම දුරකථන සමාගමක් පාරිභෝගිකයන්ට වන්දි ගෙවයි

ජංගම දුරකථන සමාගමක් පාරිභෝගිකයන්ට වන්දි ගෙවයි

තම පාරිභෝගිකයින් වෙත Samsung සමාගම මුදල් ගෙවීමට තීරණය කර ඇති පුවතක් ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කර තිබේ.

Samsung Australia සමාගම විසින් මෙම තීරණය ගෙන ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Samsung පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථනවල මෘදුකාංග යාවත්කාලීන කිරීමක් හරහා එම දුරකථනවල ඡායාරූප ආදී පෞද්ගලික දත්ත මැකී යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

මෙම මෘදුකාංග යාවත්කාලීන කිරීම හරහා ඡායාරූප, වීඩියෝ, සහ දුරකථන අංකද මැකී ගොස් ඇති බව එම වාර්තා සඳහන් කර සිටී.

ඒ අනුව සිදුකළ විමර්ශනවලට අනුව Samsung Australia සමාගම සිය පාරිභෝගිකයින් වෙත මෙලෙස වන්දි මුදල් ලබාදීමට සැරසී ඇති බව වාර්තා වෙයි.