27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජාතික ගීය කියනගමන් කලිසමේ මුත්‍රා කරගත් සුඩාන ජනපති

ජාතික ගීය කියනගමන් කලිසමේ මුත්‍රා කරගත් සුඩාන ජනපති

දකුණු සුඩාන ජනාධිපති සල්වා ඛාර් ජාතික ගීය ගායනා කරන අතරතුර ඔහුගේ කලිසමේ මුත්‍රා කරන අයුරු රූගත කළ මාධ්‍යවේදීන් 06 දෙනෙක් අත්අඩංගුවට ගත් බව මාධ්‍ය අයිතිවාසිකම් සංවිධාන පවසයි.

දෙසැම්බර් මාසයේදී, සුඩාන ජනාධිපති ඛාර් උත්සවයකදී ජාතික ගීය ගායනා කරන අතරතුර ඔහුගේ කලිසමෙන් මුත්‍රා පිටවන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය විය. ඊට අදාළව මේ සතියේ රජයේ මාධ්‍ය සේවකයන් 6 දෙනෙකු රඳවාගෙන තිබේ.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව (CPJ) ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටී.

දකුණු සුඩාන මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධානී පැට්‍රික් ඔයෙට් රොයිටර් පුවත් සේවයට පැවසුවේ ප්‍රශ්නගත වීඩියෝව නිකුත් වූ ආකාරය පිළිබඳව සැක පළ කරන බවයි.

දකුණු සුඩානයේ තොරතුරු අමාත්‍ය Michael Makuei වොයිස් ඔෆ් ඇමරිකා ගුවන් විදුලියට පැවසුවේ මාධ්‍යවේදීන් රඳවාගෙන සිටින්නේ මන්දැයි සොයා බැලීමට මහජනතාව බලා සිටිය යුතු බවයි.

මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීම සහ තර්ජනය කිරීම නතර කරන ලෙස මානව හිමිකම් සංවිධාන දකුණු සුඩාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.