28.2 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldප්ලාස්ටික් භාවිතය ගැන එංගලන්තයෙන් දැඩි තීරණයක්

ප්ලාස්ටික් භාවිතය ගැන එංගලන්තයෙන් දැඩි තීරණයක්

එංගලන්ත රජය විසින් එක්වරක් පමණක් ප්‍රයෝජනයට ගත හැකි ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු, පිඟන් සහ ට්‍රේ තහනම් කිරීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනාගත පරපුර සඳහා පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි එරට පරිසර අමාත්‍ය තෙරෙසේ කොෆි පැවසුවාය.

එම තහනම ක්‍රියාත්මක වන්නේ කවදා සිටද යන්න සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශයක් සිදු කර නොමැති අතර මේ වනවිට ස්කොට්ලන්තයේ සහ වේල්සයේ මෙම නීතිය ක්‍රියාත්මකය.

එංගලන්තය තුළ වාර්ෂිකව වරක් භාවිත කළ හැකි පිඟන් බිලියන 1.1ක් සහ හැඳි ගෑරුප්පු බිලියන 4ක් පමණ භාවිතයට ගන්නා බව දත්ත වාර්තා කරයි.