27.2 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldවිරෝධතාකරුවන්ට නිසි දඬුවම් ලබාදෙනවා - බ්‍රසීල ජනපති

විරෝධතාකරුවන්ට නිසි දඬුවම් ලබාදෙනවා – බ්‍රසීල ජනපති

බ්‍රසීලයේ හිටපු නායක ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් කොන්ග්‍රසයට සහ අධිකරණය සංකීර්ණයට කඩා වැදීමෙන් පසු ඔවුන්ට නිසි දඬුවම් ලබාදෙන බවට බ්‍රසීල නව ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා ප්‍රතිඥා දී තිබෙනවා.

බලයෙන් පහකළ නායකයාගේ ආධාරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදී ජනාධිපති මන්දිරය වට කළ බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.

කෙසේවෙතත් පැය ගණනක් පුරා පැවති ගැටුම්වලින් පසු බ්‍රසීලියා අගනුවර ගොඩනැගිලිවල පාලනය පොලිසියට යළි ලබාගෙන ඇතැයි සඳහන්.

නගරයට පැමිණි නව ජනාධිපතිවරයා සිදුවූ හානිය සියැසින්ම දැක ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ සංචාරය කර තිබෙනවා. බ්‍රසීල අධිකරණ අමාත්‍ය ෆ්ලේවියෝ ඩිනෝ මාධ්‍ය වෙත පැවසුවේ මේවන විට විරෝධතා සහ දේපළ හානිවලට සම්බන්ධ පුද්ගලයින් 20ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම ගැටුම්වලින් පුද්ගලයන් මිය ගිය හෝ තුවාල වූ බවට වාර්තා මෙතෙක් ලැබී නැහැ. විරෝධතාකරුවන්, ජනාධිපති මන්දිරයේ කඩා දැමූ ජනේල හරහා ගෘහ භාණ්ඩ විසි කිරීම, සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ කාමර කොල්ලකෑම් සිදු කළ බවයි වාර්තා වන්නේ.